Friday, November 12, 2021

විහංගා ක්‍රොසී-2

 විහංගා ක්‍රොසී කිව්වට එයා හරියටම ඉන්දියාවේ ඉන්න හිජ් රා කියන තුන්වන ලිංගිකයන් හා සමාන කෙනෙක්.ඒ කියන්නේ පිරිමියෙක් ගෙන් ගැහැණියෙක් දක්වා පරිවර්තනය වුන ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්.විහංගාත් ඉන්දියාවේ ඉන්න හිජ් රා ප්‍රජාවෙන් බහුතරය වගේ ඒ තරම් ලස්සනක් නැති කෙනෙක්.කොහොම වුනත් සිදත්ට නම් විහංගා ගැන අනුකම්පාවක් තිබුණා.

දැන් සිදත් ගෙයි විහාංගා ගෙයි මිත්‍රත්වයට දවස් දෙකක් වෙනවා.තුන්වෙනි දවසේ රාත්‍රියේ විහංගා හම්බ වෙයි කියලා සිදත් වෙනදා වගේම එයා බයික් එකට නගින තැනින් ටිකක් විමසිල්ලෙන් ගියා.ඒත් කලින් දවසේ වගේ විහංගා එතන හිටියේ නෑ.සිදත් හිතුවා අද එයා වාහනයක් හම්බ වෙලා ඒකෙන් යන්න ඇති කියලා.රෝහල හන්දියෙන් හරවලා යද්දී වට පිටේ විපරම් කරමින් ගියත් විහංගා ඉන්න පාටක් නෑ.

බලාපොරොත්තු කඩ වීමත් එක්ක ම බෝඩිමට ආපු සිදත් නාගෙන ,කඩෙන් ගෙනාපු කෑම එකත් කාලා නිදාගත්තා පැයක් විතර යද්දී සිදත්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.ඉන්පස්සේ දෙවනි පාරටත් කෝල් එකක් ආවා.එතකොට සිදත්ට ඇහැරුණා.කෝල් එක එන්නේ නොදන්න නම්බර් එකකින්.සිදත් ඕන එකක් වෙන්න කියලා කතා කලා.

හෙලෝ කවුද මේ?

අනේ සර්...මම විහංගා?

අහ්..ඔයා?

ඔව් සර් මම තමයි.අනේ සර් මම ලොකු කරදරයක වැටිලා ඉන්නේ.

ඇයි මොකද වුනේ?

අනේ සර් මම අද බෝඩිමට එන්න පාරේ ඉද්දී වාහනයකට නැග්ගා.ඒකේ හිටිය උන් මාව කොහේදෝ අරන් ගියා.උන් මට කරන්න ඕනේ හැම දේම කරලා පාලු පාරක දාලා ගියා මට දැන් පාර හොයාගන්න බෑ.

හරි හරි ..දැන් ඔයා කලබල නොවී මම කියන විදියට වැඩ කරන්න..හරිද

හා සර්...අනේ

දැන් ඔයා ෆෝන් එක අරන් ගූගල් මැප් එකට යන්න.

හා..පොඩ්ඩක් ඉන්න.

දැන් පෝන් එකේ ජීපීඑස් ඕන් කරගන්න.

මට කියලා දෙන්න සර්..මම ඕවා දන්නෙත් නෑ.

හරි එහෙනම් මම කියන විදියට කරන්න.. සිදත්ගේ උපදෙස් අනුව විහංගා ජීපීඑස් හරහා තමන් ඉන්න තැන හොයාගෙන සිදත්ට කිව්වා..

හරි මම දැන් ඔයා ඉන්න දිහාව දන්නවා.ඔයා ඔතනම ඉන්න.මම පුලුවන් තරම් ඉක්මනට එන්නම්.හරිද

හරි සර්...අනේ ඉක්මනට එන්න සර්...

සිදත් ඇදුමක් දාගෙන ඉක්මනටම බයික් එකට නැගලා.පිටත් වුනා.විහංගාව දාලා ගිහින් තිබුණේ මඩාතුගම පැත්තේ පාලු පාරක.ඒ වෙනකොට වෙලාව රෑ 10ත් පහුවෙලා.සිදත් පැයකින් විතර එතනට ගියා.

සිදත් බයික් එකෙන් බැහැලා එද්දී විහාංගා ඇවිත් සිදත්ව බදාගෙන ඉකිබිදින්න වුනා.

හා හා මෙතන දැන් අඩන්න ලෑස්ති වෙන්න එපා...අපි යමු දැන්..ඔයාට මොකුත් තුවාලයක් එහෙම කලාද උන්?

අනේ සර්..උන් මහ ජරා මිනිස්සු.උන් මට වද දීලා උන්ගේ ආශාවල් ඉෂ්ඨ කර ගත්තේ.

අපි කෙලින්ම පොලිසියට යමු.ඔයා පැමිණිල්ලක් දාන්න.

වැඩක් නෑ සර්.අපි යමු.සර් මාව බෝඩිම ගාවින් දාන්න.ඒ ඇති.

ඇයි ඒ? නීතියෙන් කරන්න තියෙන දෙයක් කරමු.

අනේ මට උසාවි ගානේ යන්න බෑ.අපි යමු දැන්.

ඔයා නම් හදන්න බෑ.හරිම මුරණ්ඩුයි..

සිදත් ටිකක් කේන්තියෙන් හෙම කියලා බයික් එකට නැග්ගා..විහංගා සාරිය ටිකක් හදාගෙන බෑග් එක අතට අරන් ඉදගත්තා.සිදත් කිසිම කතාවක් නැතුව බයික් එක පදවගෙන යනවා.

සර්...තරහ ගන්න එපා..මේක තමයි අපේ ජීවිතේ.පොලිසි ගියාට අපිව ගන්න ගන්නේ නෑ.

සිදත් ඒත් කිසිදෙයක් නොකියා පාඩුවේ යනවා.

සර්ට මාව දැන් පිළිකුල්ද?

එකපාරටම සිදත් බයික් එක නැවැත්තුවා.ඉන්පස්සේ පාරේ අයිනකට බයික් එක අරන් ගියා.ඔහු බයික් එකෙන් බැහලා පැත්තකට ගියා.විහංගාත් සිදත් ලගට ගියා.සිදත් එකපාරටම විහංගා පැත්තට හැරුණා.

තමුසේව මට පිළිකුල් නම් ඇයි මම තමුන්ව අරන් යන්න මෙතන්ට ආවේ?ඇයි මම එහෙනම් තවමත් තමුන් එක්ක ඉන්නේ මෙහෙම?

අනේ සොරි..ඔයා කේන්ති ගන්න එපා.වැරැද්ද මගේ..මම වැරදි ප්‍රශ්නයක් ඇහුවේ.මට සමා වෙන්න.

සිදත් කිසිදෙයක් නොකියා ගිහින් බයික් එකට නැග්ගා.විහංගා තවමත් එතනමයි.එයා සිදත් දිහා බලාගෙන ඉන්නවා.

මොකද තමුසේ ඔතන පැලවෙලාද? එනවා නම් එනවා.

විහංගා ඇස්වල කඳුලු පුරෝගෙන ඇවිත් බයික් එකේ ඉද ගත්තා.සිදත් කොයිතරම් හොඳ කෙනෙක්ද කියලා ඒ වෙලාවේ තමයි විහංගට තේරුම් ගියා.තමන්ට ජීවිත කාලේ හම්බ වුන කරුණාවන්තම පිරිමියාගේ හිත රිද්දීම ගැන විහංගා තමන්ටම බැන ගත්තා.

විහංගාගේ කීම අනුව සිදත් බයික් එක බෝඩිම කිට්ටුවෙන් නැවැත්තුවා.විහංගා බිම බලාගෙන බයික් එකෙන් බැහැලා යන්න ගියා.































No comments:

Post a Comment

කෙටිකතා

  අවිස්සාවේල්ලෙන් බස් එකට නැග්ග අමිලට සෙනඟ අස්සේ හිර වෙලා තමයි යන්න වුනේ..අමිල ටිකක් පස්ස මහත කොල්ලෙක්...ඉතින් හිටගෙන යද්දී හරිම අපහසුතාවයකට...