Friday, November 12, 2021

විහංගා ක්‍රොසී-3

 විහංගා බෝඩිමට යන අතරේ සිදත් බයික් එකෙන් යන්න ගියා.පහුවදා රෑ විහංගා සිදත් ඒවි කියලා පුරුදු තැනටම වෙලා හිටියාත් එයා ගියේ නෑ.ඊටපස්සේ දවසෙත් සිදත් නැති නිසා විහංගා කෝල් එකක් අරන් බැලුවාත් නම්බර් එක වැඩ කලේ නෑ.විහංගාට හිතුනේ එදා සිදත් තමන් එක්ක තරහ වෙන්න ඇති කියලා.පහුවෙනිදා බෝඩිමේ අයිතිකාරයා කිව්වා විහංගාට වෙන තැනකට යන්න කියලා.මොකද විහංගා නැවතිලා හිටිය තැන කඩලා අයින් කරන්න තිබ්බා පරණ කඩ කාමරයක්.ඉතින් ඊළඟ දවසේ උදෙන්ම එයාට වෙන තැනකට යන්න වෙලා තිබුණේ.

ඉතින් එදා රෑ වැඩ ඇරිලා එනගමන් විහංගා හිතා ගත්තා කොහොම හරි සිදත්ව මුණ ගැහිලම යන්න ඕනේ කියලා.එයා එන ගමන් සිදත් ගේ බෝඩිමට ගියා.දොර වහලා තිබ්බ නිසා විහංගා දොරට තට්ටු කලා.ඒත් ප්‍රතිචාරයක් නෑ.දෙවනි පාරටත් තට්ටු කලා..එතකොට දොර ඇරුණා.සිදත් කොට කලිසමක් ගහගෙන ඇවිත් දොර ඇරියා.

ආ...ඇයි මොකද කියලා සිදත් අමනාපෙන් වගේ ඇහුවා.

නෑ..මම මේ ඔයාට මොකද වුනේ කියලා බලලා යන්න ආවේ.

අපෝ මම ගැන කවුරුත් හොයන්න ඕනේ නෑ.මම හොඳින් ඉන්නවා.

හා..එහෙනම කමක් නෑ.ඔයා පහුගිය ටිකේ ගෙදර යනව දැක්කෙත් නෑ.ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.ඒකයි බලලා යන්න ආවේ.

මම දැන් වෙන පාරකින් නේ එන්නේ.මම සිම් එක මාරු කලා.

එහෙමද? ..මට හෙට බෝඩිමෙන් යන්න වෙලා.ඔයාට කියලා යන්නත් එක්ක ආවේ..

හොඳයි.දැනුවත් කලාට ස්තුතියි.

ඔයාට මාව දැන් විහිලුවක් නේද සිදත්? ඇයි එහෙම කරන්නේ මට.හරි මම යන්නම්.


විහංගා ආපහු හැරිලා යන්න ගියා.එයා ප්‍රධාන පාරට හැරෙනවත් එක්කම කවුදෝ අතින් අල්ලනවා දැනිලා හැරිලා බැලුවා.සිදත් විහංගාගේ අතින් අල්ලගෙන හිටියා.විහංගා අත ගසලා දාලා යන්න ගියේ නෑ..එහෙමම හිටියා.

සිදත් කිසිදෙයක් කතා නොකර විහංගාවත් ඇදගෙන කාමරයට ආවා.ඇවිත් එයාව පුටුව වාඩි කෙරෙව්වා.සිදත් ඇද උඩ ඉදගෙන විහංගා දිහා ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්නවා.

විහංගාත් සිදත් දිහා එහෙම බලන් හිටියා.ඒත් එයාට වැඩිවෙලා එහෙම ඉන්න බැරි වුනා..විහංගාට ඉකි ගැහුනා.ඇස්වල එකතුවෙලා තිබ්බ කදුළු කැට කඩා වැටෙන්න වුනා.

හා හා ..දැන් ඉතින් ගෑණියක් වගේ අඩනවා කෝ..එතකොට ඔක්කොම ප්‍රශ්න විසදෙයි.

විහංගා සාරි පොටින් කදුලු පිසදමමින් මෙහෙම කිව්වා.

හරි ඉතින් ඔයා මොකක්ද මට කරන්න කියන්නේ?

සිදත් ඇදෙන් නැගිටලා ගිහින් ටී ෂර්ට් එකක් ඇදගත්තා.

එනවා ඉතින් යන්න දැන්?

කොහෙද ? විහංගා ඇහුවා.

බෝඩිමට?

ඇයි ඒ?

තමුසේගේ ලට්ට ලොට්ට ටික ගේන්න.

විහංගාට ඒක ඇහුනාම ඇඩිල්ල නැවතුනා.මූණේ හිනාවක් ආවා.නැගිට්ට ගමන් සිදත් ලග ගිහින් නලලට කිස් එකක් දුන්නා.ඒකෙන් සිදත් පුදුමයට පත් වුනා.

මොකද කොල්ලෝ මේ බය වෙලා වගේ බලන්නේ?

මොකක්ද ඒ කලේ?

ඇයි ඔයා ආස නැද්ද?මගේ හිතට ආවා සතුටට මම එහෙම කලේ.

ඇත්තද? ආයෙත් එහෙම කරන්න කලින් වට පිට බලනවා හරිද?

අනේ සොරි ...මම වැඩිය ඒ ගැන හිතුවේ නෑ.

හා දැන් කමක් නෑ.එනවා යන්න.

සිදත් විහංගාත් එක්ක ගෙන බයික් එකෙන් එයාගේ බෝඩිමට ගියා.සිදත් බෝඩිමට ටිකක් දුරින් බයික් එක නවත්තගෙන හිටියා.මිනිත්තු 10-15 පස්සේ විහංගා බෑග් දෙකක් අරන් එලියට ආවා.අයිතිකාරයාගේ ගෙදරට ගිහින් යතුර බාර දීලා පාරට ආවාම සිදත් එතෙන්ට ඇවිත් එයාව දාගෙන ආපහු ආවා.


දෙන්නම ආපහු බෝඩිමට ගොඩ වුනා.

ඔය බෑග් ටික දැනට ඇද යටින් දාන්න.අතනින් බාත් රූම් එකට යන්න පුලුවන්.ගිහින් නාගෙන එන්න.මම කෑම එකක් අරන් එන්නම්.

එපා එපා.මම කෑම එකක් අරගෙන එන්නේ හැමදාම.මම කොහෙද ඇදුම් මාරු කරන්නේ?

ඇඳුම් මාරු කරන්න නම් දැන්ට බාත් රූම් එක පාවිච්චි කරන්න.හෙට මම මේ හරියෙන් තිරයක් ඇදලා දෙන්නම් එතකොට හරිනේ.

නෑ නෑ ඕනේ නෑ සිදත්..මම හුගක් කල් මෙහේ ඉන්නේ නෑ.බෝඩිමක් හොයා ගත්ත ගමන් යනවානේ.

හරි හරි තමුන්ගේ කැමැත්තක්...

හම්..මම එහෙනම් නාගන්නද?

හා හා.

විහංගා එක බෑග් එකක් ඇද යටට දාලා.අනික් බෑග් එක ඇරියා.ඒකේන් තුවායකුයි,සබන් කෑල්ලකුයි ගත්තා.ඉන්පස්සේ ලැජ්ජාවෙන් වගේ සිදත් දිහා බැලුවා.

ඔයා අහක බලාගන්නකෝ අනේ?

ඇයි මොකද ?

මගේ යට ඇදුම් ටික ගන්න..

අපෝ මෙයාගේ තියෙන විච්චූරන.මම ඕවා දැකලා තියෙනවා හලෝ.

හම්

විහංගා බෑග් එකට අත දාලා මොනවදෝ හොයනවා.සිදත් ටිකක් වෙලා මේක දිහා බලන් ඉදලා නැගිටලා ඇවිත් බෑග් එක කඩා ගත්තා.ඒක අරන් ඇවිත් ඇද උඩට හැලුවා.

ඕන්න දැන් ඔයා ගන්නවාකෝ..කියලා සිදත් හඬ නගලා හිනා වුනා.

විහංගා ඇද උඩට ඇවිත් ඇදුම් ටික තුරුල් කර ගත්තා.

මොකක්ද අනේ ඔයා කරන්නේ..

මේ විකාර නැතුව නිතර අදින ඇදුම් ටික අර බෝල් කූඩුවට දානවා.මම ඒකේ තමුසෙට කොට්සක් වෙන් කරලා දෙන්නම්.

එහෙම හොඳද අනේ..

ඇයි මොකක්ද තියෙන අවුල..

කවුරුහරි ආවොත්,,ඔයාගේ යාලුවෙක් එහෙම

කවුරුත් මෙහේ එන්නේ නෑ හලෝ.තමුසේ කියන දේ අහලා ඇදුම් ටික ඒකට් දානවාකෝ පන්ඩිතයා නොවී.

විහංගා යටට අදින සායවල්,බ්‍රෙසියර් පැන්ටි ටික බෝල් කූඩුවට දැම්මා.සාරි 2-3කුයි හැට්ට ටිකකුයිත් එතනින්ම ඇහිරුවා.

එච්චරද? සිදත් ඇහුවා.

අනික් ටික පස්සේ දාන්නම්කෝ..

හා..

ඊළගට එයා බාත් රූම් එකට ගියා ඇදන් හිටිය සාරිය පිටින්.විනාඩි 20 විතර පස්සේ තුවාය පපුවට වෙනකම් උස්සලා ඇදගෙන විහංගා එලියට ආවා.ඇදේ නිදාගෙන හිටිය සිදත් විහංගා දිහා කන්න වගේ බලන් ඉන්නවා.

ආ මොකද මේ ? පෙරහැරක් යනවද?

අම්මෝ මෙයාගේ ලස්සන.... සිදත් කිව්වා.

අනේ මේ බොරු නොකියා ඉන්නවා...

ආ බොරු..අපි කියන්නේ බොරු ආ...ගිහින් අර කණ්නාඩියෙන් බලනවාකෝ.

විහංගා බෑග් එකෙන් පොඩි තුවායක් අරන් කොණ්ඩේ තෙත මාත්තු කරන්න වුනා.තුවායත් එක්ක කොන්ඩේ බැදගෙන ඇද යටට දාපු බෑග් එක ගන්න නැවුනා.

කෝ කෝ මම අරන් දෙන්නම් කියල සිදත් ඇදෙන් නැගිටලා ඇවිත් බෑග් එක එලියට අරන් මේසේ උඩින් තියලා දුන්නා.

විහංගා බෑග් එක ඇරලා බතික් නයිටි එකක් එලියට අරන් බාත් රූම් එකට ගියා.එලියට එද්දී සිදත් ඇදේ ඉදන් ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා දැකලා විහංගාට හිනා ගියා.

අම්මෝ ඒ හිනාව....

මොකද මැට්ටෝ ...විහංගා එහෙම ඇහුවා.

ලස්සන බැලුවේ...නෝනාගේ..

පිස්සු..

හරි හරි මේ මට බඩගිනි එනවා කෑම කන්න.සිදත් කෑම එක අරන් මේසේ උඩින් තියලා දිග ඇරියා.

ඔයා පුටුවේ ඉද ගන්න ..

එතකොට ඔයාට?

මට මේ අකුලන පුටුවක් තියෙනවා.

සිදත් ඇද යට තිබිලා පුටුවක් අරන් දිග ඇරලා ඉද ගත්තා..

දෙන්නා එක්ක කෑම දෙක ලිහාගෙන කන්න පටන් ගත්තා.ඒ අතරේ සිදත් විහංගාගේ කෑම එකට ඔලුව දාල බැලුවා.

ආ මෙයත් වෙජිටේරියන්ද?

ඔව්..ඇයි ඒ? ඔයත් එහෙමද?

ඔව් නේ නෝනා.අපි වෙජිටේරියන් තමයි..

අපි දෙන්නා එක වගේ නේද? විහංගා එහෙම ඇහුවා.

ටිකක් විතර ...සිදත් උත්තර දුන්නා.

ඔයා උයාගෙන කන්නේ නැද්ද අනේ.

එනකොට නම් ආවේ එහෙම හිතාගෙන,අර පොඩි ලිපකුයි ගෑස් එකකුයි තියෙන්නේ ඒකට තමයි.ඒත් කොහෙද වෙලාවක්..දැන් ඉතින් දිගටම කඩෙන් තමයි.

අයියෝ ...මෙයා නම්..අපි හෙට ඉදන් උයමු.කැමති ද?

උයන්න?

ඔව් මැට්ටෝ .මට හොඳට උයන්න පුලුවන්..

එහෙම නෝනේ..අනේ හොඳා..

විහිලු නෙමෙයි අනේ.අපි දෙන්නා එලවලු,කුලුබඩු ටිකක් ගෙනත් තියාගෙන උයමු.මම හෙට එන ගමන් ඒ ටිකක් ගේන්නම්.

එපා එපා..මම ගේන්නම්.

නෑ නෑ..හෙට මම ගේන්නම්.මාරුවෙන් මාරුවට ගේමු දෙන්නා.එතකොට හරිනේ.

හා එහෙම හොඳයි..

දෙන්නම කෑම කාලා ඉවර වුනා..සිදත් ඇද හැදුවා.

මේ ඇදේ තමයි දෙන්නටම නිදාගන්න වෙන්නේ.ඔයා බිත්තිය පැත්තේ නිදාගන්න.

හා කමක් නෑ.පුලුවන් විදියට ඉමු අනේ.

හා..දැන් ඔය යන්නකෝ මුලින්ම..

විහංගා බෙඩ් ෂීට් එකක් අරන් ඇද අයිනට ගිහින් වැතිරුණා.ඉන්පස්සේ සිදත් ලයිට් එක නිවලා ඇදට ආවා.

ගුඩ් නයිට් බබෝ...විහංගා එහෙම කියලා රෙද්ද පොරවා ගත්තා.

නෝනා ඔයා කීයටද නැගිටින්නේ?

මම 5 ට ඇහැරෙන්නේ. ඇයි ඒ..

එලාම් එක තියන්න.

මම එලාම් තිබ්බා..මම ඔයාත් ඇරවන්නම්කෝ...

හා..ගුඩ් නයිට් .

උදේ ඇහැරිලා විහංගා කීප සැරයක්ම සිදත්ව කූද්දන්න උත්සාහ කලත් එයා නම් නැගිට්ටේ නෑ.අන්තිමය මූණට වතුර ටිකක් ඉහලා තමයි නැගිට්ටුවේ..

මැට්ටා...අලි කම්මැලියෙක් නේ ඔයා නම්..කීයට වෙනදට වැඩට යන්නේ..

හය හමාරට අනේ.

ආ මෙන්න මේ තේ එක බීලා ඉන්න.

තේ?

ඔව් .ඇයි අර හීටර් එකක් තියෙන්නේ..මම කිරිපිටි පැකට් එකක් ගෙනවා ඊයේ.ඒකෙන් හැදුවේ..බීලා ඉන්නවා.ටවුන් එකට ගිහින් මොනවා කනවා .උදේට නොකා ඉන්න එපා.

හා හා නෝනේ.තෑන්ක්ස්..

විහංගා නම් ඒ වෙනකොට වැඩට යන්න ලෑස්ති වෙලා.නිල් පාට සාරියක් ඇදලා ,හෑන්ඩ් බෑග් එකත් අතට අරන් දොර ඇරියා ගිහින්.

එහෙනම් මම යනවා...

හා හොඳයි ..පරිස්සමින් යනවා.

සිදත් තේ එක බොන ගමන් උලු අස්සට හේත්තු වෙලා විහංගා නොපෙනී යනකම් බලන් හිටියා.


No comments:

Post a Comment

කෙටිකතා

  අවිස්සාවේල්ලෙන් බස් එකට නැග්ග අමිලට සෙනඟ අස්සේ හිර වෙලා තමයි යන්න වුනේ..අමිල ටිකක් පස්ස මහත කොල්ලෙක්...ඉතින් හිටගෙන යද්දී හරිම අපහසුතාවයකට...