සිදත් ජොබ් එකක් නැතිකමට පොලිසියේ කොස්තාපල් කෙනෙක් වුනා.පට්ටම කට්ටක් කන්න තියෙන ජොබක් වුනත් වෙන කරන්න දෙයක් නැතිහින්දම කාගෙන හිටියා.මිනිහා වැඩ කලේ දඹුල්ලේ පොලිසියේ.බයික් එකෙන් තමයි ගමන් බිමන් ගියේ.මිනිහා දඹුල්ල කිට්ටුව බෝඩිමක නැවතිලා හිටියේ.බයික් එකෙන් යන දුරක තමයි බෝඩිම තිබුණේ.වැඩට ඇවිත් දවස් 2ක් විතර ගියාට පස්සේ දවසක් රෑ වැඩ ඇරිලා බයික් එකෙන් බෝඩිමට යමින් හිටියේ.ටික දුරක් යද්දී ටවුමේ ටිකක් අඳුරු තැනක ඉදලා කවුදෝ කෙනෙක් බයික් එකට අත දැම්මා.
කවුද යකෝ මේ රෑ පොලිසිකාරයෙක්ගේ බයික් එකකට අත දාන එකා කියල බලන්න සිදත් බයික් එක නැවැත්තුවා.මෙන්න බයික් එක දිහාවට එනවා සාරියක් ඇදපු එච්චර ලස්සනක් නැති ගෑණියෙක්...
ආ..සර්..සොරි මම පොලිසියේ කෙනෙක් කියලා දැක්කේ නෑ..
ඒකිගේ කටින් පිට වුනේ පිරිමි කටහඬක්?
සිදත් පුදුම වෙලා වගේ ඒකි දිහා බලන් හිටියා..
මොකද සර් පුදුම වෙලා වගේ..කියලා ඒකි ආපහු ඇහුවා.
ඈ ඕයි තමුසේ ගෑනියෙක් නෙමෙයිද?
නෑ සර් ..මම පිරිමියෙක්..මම ගෑණියක් වගේ අදින්න ආස කෙනෙක්.
අම්මට සිරි..යකෝ මම රැවටුන රැවටිල්ලක්.
මම දැක්කේ නෑ සර්ව හරියට...ඒකයි අත දැම්මේ.
ඇයි ඉතින් තමුන් අත දැම්මේ?
මම මේ ගෙදර යන ගමන්...
කොහෙද ගෙවල්?
ගෙවල් කිව්වත් මගේ ගම මෙහේ නෙමෙයි සර්..අනුරාධපුරයේ.
ඒ කියන්නේ තමුන් මෙහේ බෝඩින් වෙලා ඉන්නේ.
අන්න හරි සර්..මම ඉන්නේ හොස්පිටල් රෝඩ් එකේ.
අහ්..මාත් ඒ පාරේ නේ බෝඩ් වෙලා ඉන්නේ..
ආනේ එහෙමද සර්..අනේ සර් පුලුවන් නම් මාව ඩ්‍රොප් කරන්නකෝ..ලොකු උදව්වක්..
ආ එහෙනම් නගිනවා.ඒක නෙමෙයි තමුන්ගේ නම මොකක්ද?
මම විහංගා ...විහංගා ක්‍රොසී කියලා තමයි ප්‍රසිද්ධ.
ඒ කිව්වේ?
අපි ක්‍රොස්ඩ්‍රෙසර්ස්ලා නේ සර්...
අනේ මන්දා මේ මම ඕවා ගැන දන්නේ නෑ ..නගිනවා ඉක්මනට .
හරි සර් ...
විහංග්‍රා ක්‍රොසී හෑන්ඩ් බෑග් එකත් අතට අරන් බයික් එකේ ඉදගත්තා.පැය භාගයක් විතර ගිහින් සිදත් බෝඩිම ගාවට ආවා...
මෙතන්ට විතරයි මට යන්න පුලුව්න් ඔන්න.
අනේ ලොකු උදව්වක් සර්...මට මේ ටික පයින් යන්න පුලුවන්..
තව කොච්චර දුරද ?
තව කිලෝමීටර් 1/2 වගේ තියෙන්නේ...
ආ එහෙමද..එහෙනම් නගිනවකෝ ගිහින් දාන්න.
අනේ එපා සර් .මේ උදව්වම ඇති.
අකමැති නම් ඉතින් කමක් නෑ..එහෙනම් අපි ගියා..
හා හොඳයි සර් ..පරිස්සමින් යන්න..
සිදත් එදා බෝඩිමට ගිහින් නිදාගන්න යද්දී මේ සිද්ධිය ගැන කල්පනාවට වැටුනා.නිකමට වගේ බුකියේ කියන වචනේ සර්ච් කරලා බැලුවා.ක්‍රොස්ඩෙසර්ලාගේ එකවුන්ට 2-3ක් ආවා රිසල්ට් එකට.ඒවා ඇතුලට ගිහින් ටිකක් හෙව්වා.ෆ්‍රෙන්ඩ්ස්ලා අතරේ තවත් ක්‍රොසීලා ඉන්නවා...සිදත්ට මේක දැන හරිම කුතුහලයක්.කොහොම හරි එහෙමම සිදත්ට නින්ද ගියා.පහුවදා වැඩට ගියාට පස්සේ ත් නිදහස් වෙලාවට ෆෝන් එක අරන් හෙව්වේ ක්‍රොසීලා ගැනයි..එදත් වැඩ ඉවරවෙලා සිදත් බෝඩිමට යන ගමන් පහුවදා බයික් එකේ දාගෙන ගිය ක්‍රොසී ඉන්නවද කියලා බැලුවා.ඒත් එදා එයා එතන හිටියේ නෑ.හරියට රෝහල හන්දිය ගාවදි පයින් යමින් හිටිය කෙනෙක් දැකලා සිදත් බයික් එක ස්ලෝව් කලා.ඒ එදා හම්බ වුන විහංගා ක්‍රොසී.සිදත් විහංගා දිහාවට ගිහින් බයික් එක නැවැත්තුවා.
ආනේ සර් මේ..
මොකෝ අද පයින්?
අද මට වාහනයක් හම්බ වුනා.ඒකෙන් හන්දියට ආවා.
ඉතින් මෙතන ඉදලා තව කොච්චර දුර පයින් යන්නද කල්පනාව.
වාහනයක් හම්බ වුනොත් යනවා,නැත්නම් පයින්ම යනවා.
මොකද කියන්නේ ලිෆ්ට් එකක් දෙන්නද නෝනට?
නෝනා?
ඇයි නෝනා කිව්වාම මදිකමක්ද?
අපෝ නෑ..මිනිස්සු අපිට ඒ තරම් නම්බු දීලා කතා කරන්නේ නෑනේ සර්..
ඔව් මම දන්නවා ඒක.ඉතින් මාත් එහෙම කරන්න ඕනේද?
නෑ නෑ..එහෙම කියනවා නෙමෙයි.
හරි හරි නගිනවකෝ දැන්..
හම්.
විහංගා බයික් එකට නැග්ගා...
අද ඔයා හැඩයි නේ.
ආ..එහෙමද..අද මම අලුත් සාරියක් ඇන්දා සර් ...ඒ නිසා වෙන්න ඇති.
ඔය වගේ කෙනෙක් මට හම්බ වුනාමයි මේ..
හ්ම් ..මට හිතුනා එදා සර් කතා කරපු විදියට.
මම ටිකක් හොයලා බැලුවා ඔයාලා ගැන..ඔයාල වගේ අය හුගක් ෆේස්බුක් එකේ ඉන්නවා නේද.
ඔව් සර්.අපි නම් මෙහෙම එලියට ආවට .හුගක් අය එහෙම එන්න බයයි.
ඔව් මට ඒක තේරුනා.ඒක නෙමෙයි ඔයා ඉතින් ජීවිත කාලෙම ඔහොමද ඉන්නේ?
ඔව්.මම ආස මෙහෙම ඉන්න.
ඉතින් කසාදයක් එහෙම කර ගන්නේ කොහොමද
අපිට මොන කසාදද සර්.. අපි පිරිමින්ගේ සෙල්ලම් බඩු විතරයි.
අහ් ඔයත් එහෙම ද ඒ කියන්නේ?
නෑ මම එහෙම කරන්නේ නෑ.මට දැනට ජොබ් එකක් තියෙනවා.ඒත් අපි වගේ අයට ජොබ් නැති නිසා පිරිමි න්ගේ සෙල්ලම් බඩු වෙන්න වෙලා තියෙන්නේ.සර්.
මොකක්ද ඔයා කරන ජොබ් එක..
මම ක්ලීනින් සර්විස් එකක වැඩ.
ඉතින් ඔයාට පිරිමින්ගෙන් කරදර නැද්ද?
නැත්තෙමත් නෑ.ඒත් අපි හරියට හිටියොත් හරි.
ඔව් ..ඒක හරි.
ඇයි සර්ටත් මන් ගැන එහෙම අදහසක් තියෙනවද?
ඇත්තෙන්ම මට ඔයා ගැන කුතුහලයක් තිබුණේ.
ඒ කියන්නේ දැන් ඒක නැතිවුනාද
ඔව් ඔයා පිරිමියෙක් කියලා මම දැන් දන්නවා.
සර් හොඳ කෙනෙක් කියලා මම හිතනවා..සර්ගේ උදව් වලට ගොඩක් පින්..
ඒක සුලු දෙයක් ...ආ දන්නෙම නැතුව අපි බෝඩිමට කිට්ටු වෙලා..මොකද කියන්නේ ඔයාගේ බෝඩිම කිට්ටුවට ගිහින් දාන්නද?
නෑ එපා සර්.ඒක සර්ට හොඳ නෑ.
ඇයි..ඒ පැත්තේ උන් ඔයා දැක්කොත් සර්ට කතා හදයි..
අපෝ එහෙම බය වෙන්න එපා.
සර් එහෙම කියන්නේ නොදන්න කමට..සර් වගේ හොඳ කෙනෙකුට පදයක් හැදෙනවට මම කැමති නෑ.ඒ නිසා මම මේ ටික පයින් යන්නම්..සර්ට ගොඩක් පින්.
විහංගා බයික් එකෙන් බැහැලා බෑග් එක එල්ලගෙන ඉස්සරහට යන්න පටන් ගත්තා.එයා නොපෙනී යනකම් සිදත් බලන් හිටියා.
No comments:
Post a Comment